පුද්ගලයන් සිව් දෙනෙක් ඝාතනය කරමින් තවත් පුද්ගලයන් 8 දෙනෙකුට තුවාල කරමින් තංගල්ල කුඩාවැල්ල ධිවර වරායේ සිදුවූ වෙඩි තැබීමට පැමිණි සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට පැමිණ තිබේ. මේ පිළිබඳව පොලිස් කණ්ඩායම් 10ක් අඛණ්ඩව කරණු ලැබූ විමර්ශන වල ප්රථිඵලයක් ලෙස සැකකරු අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
බෙලිඅත්තේදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තයෙක් තිබී ස්වයිංක්රීය ගිනිඅවියක්, සජීව පතොරම් 8ක් හා මැගසිනයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරමින රැඳවුම් නියෝග ලබා ගන්නා බව පොලීසිය කියයි.