ඉතාමත් කඩිනමින් රට විවෘත කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ “දැයක් නඟන සියක් නගර” සංවර්ධන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නගර සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (14දා) සහභාගී වෙමිනි.
“ගෝලීය වසංගතයක් වුණ කොරෝනා පාලනය කරන්න අති විශාල මුදලක් අපි වැය කරනවා. ලෝකයේ තිබෙන ඔක්කොම එන්නත් ගෙනත් අපි එන්නත්කරණය පටන් ගත්තා. එන්නත්කරණයෙන් අද ලංකාව අනෙක් රටවල්වලට වඩා ඉදිරියෙන් ඉන්නේ. අපිට විශ්වාසයක් තිබෙනවා ඉතාමත් කඩිනමින් අපිට රට විවෘත කරන්න පුළුවන්. රටේ ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් ශක්තිමත් රටක් ගොඩනඟන්න පුළුවන් කියා.
එක් එක් නිලධාරින්ගේ සහ වෛද්‍යවරුන්ගේ පෞද්ගලික මත තිබෙනවා. ඒ මතවලට අනුව තීන්දු තීරණ ගන්න ඒ අයට අයිතියක් තිබෙනවා. ආණ්ඩුවක් විදියට අපේ වගකීම තමයි ඒ දෙන උපදෙස් ක්‍රියාත්මක කිරීම. සංචරණ සීමා දාන්න කිව්වාම දැම්මා. රට වහන්න කිව්වාම වැහුවා. අරින්න කිව්වාම අපි අරිනවා. මේ කාරණා තුළ අපි බලාපොරොත්තු වෙන්නේ මේ රට සාමාන්‍ය තත්ත්වයට ගෙන එන්නයි. පෞද්ගලික මත අනුව ඕනෑ කෙනෙකුට ඉල්ලා අස්වෙන්නත් ඉන්නත් පුළුවන්”