කොරෝනා වෛරස් අවධානම පිළිබඳ හදිසි තත්ත්වයක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අදාළ වෛරසය ශරීරගත වූ රෝගියෙකු මේ වනවිට මෙරටින් හඳුනාගෙන තිබීමත් සමග රට අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බවද මෙහිදී විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කර තිබේ.
ඒ අනුව මේ අවස්ථාවේ දේශපාලන මතිමතාන්තර ඉවත දමා සියලු පාර්ශ්වයන් එක්ව රට ආරක්ෂා කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.