ශ්රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2019 වසර සදහා අද (28)දෙවන වරට ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 14 කින් සම්මත විය.
අයවැය ඉදිරිපත් කල අවස්ථාවේදි එක්සත් ජාතික පක්ෂය අයවැයට පක්ෂ වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරයා අයවැයට විරුද්ධවන බවද පවසා සිටියහ.
අමිල වේරගොඩ මහතා සංශෝධිත අයවැය සභාවට ඉදිරිපත් කල අවස්ථාවේදි කඩුගන්නාව නගර සභාවේ විපක්ෂ නායිකා ෆයිනා මොහිඩීන් (එ.ජා.ප) මහත්මිය කතා කරමින් කඩුගන්නාව නගරය සංවර්ධනය කිරිම සදහා මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි මයන්ත දිසානායක මහතා විසින් නව සංවර්ධන සැලැස්මවන් ඉදිරිපත් කර ඇති බවත් එම සංවර්ධන කටයුතු ඉදිරියට වඩාත් ක්රමවත් ආකාරයට කරගෙන යෑම සදහා කඩුගන්නාව නගර සභාවේ බෙදීම සිදු නොකට එකට එක්විය යුතු බැවින් අයවැයට පක්ෂ වන බව පවසා සිටියහ.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රී බී යසපාල මන්ත්රිවරයා කතා කරමින් ඉදිරිපත් කර ඇති අයවැයේ කඩුගන්නාව නගර සංවර්ධන කටයුතු ක්රමවත් ආකාරයෙන් නොවන බවත් විශාල වශයෙන් ජල ප්රශ්න විදුලි හා මහාමාර්ග සංවර්ධනය කිරිමේ වඩාත් ගැටලු ඇති බවත් එම නිසා මෙම අයවැයට තමා විරුද්ධ වන බව ප්රකාශ කළේය.
පසුගිය අයවැය වාරයේදි ඊට විරුද්ධව ඡන්දය ප්රකාශ කළ සිසිර අබේවික්රම මහතාද මෙවර අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කළේය.
ඒ අනුව කඩුගන්නාව නගරසභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2 වන වරට ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්දයෙන් සම්මත විය.