ශ්රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2019 වසර සඳහා ඊයේ ඉදිරිපත් කළ අය වැය වැඩි ඡන්දයකින් පරාජයට පත්විය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ එක් මන්ත්රීවරයෙක් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරයා අයවැය සදහා විරුද්ධව ඡන්දය ප්රකාශයට පත් කළේය.
එහිදි එක්සත් ජාතික පක්ෂ මන්ත්රිවරුන්ද අයවැයේ සංසෝදන ඇති බවත් එමනිසා අයවැය පිලිගත නොහැකි බවත් එම නිසා අයවැයට විරුද්දව ඡන්දය ප්රකාස කරනු ලබන බව ප්රකාස කලේය.
සභාපතිවරයා අයවැය සභාවට ඉදිරිපත් කල අවස්ථාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝඡනය කරන සිසිර අබේවික්රම මහතා කතා කරමින් නගර සභාව සදහා ඉදිරිපත් කළ අයවැයේ යම් යම් අඩුපාඩු ඇති බවත් පසුගිය කාලයේ යම් යම් සේවාවන් වලදි තමා හට මනාපය ලබා දුන් ජනතාවට සේවයක් කිරිමට තමන් හට වර්තමාන සභාපතිවරයා විසින් අවස්ථාව නොදුන් බවත් එම නිසා මෙම අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කරන බව එහිදි පැවසීය.
අමිල වේරගොඩ මහතා විසින් ඉදිරිපත් කල අයවැය සම්මත කර ගැනිම සදහා වීවෘත ඡන්දයක් නගර සභාවේ උපසභාපතිවරයා විසින් යෝජනා කල අතර එය නගර සභාවේ විපක්ෂ නායිකාව (එක්සත් ජාතික පක්ෂය) විසින් ස්ථිර කල පසු විවෘත ඡන්ද විමසිමේදි අයවැයට පක්ෂව ඡන්ද 7 ක්ද ? විපක්ෂව ඡන්ද 8 ක්ද ලැබිය. ඒ අනුව කඩුගන්නාව නගර සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ ප්රථම අයවැය පරාජයට පත්විය.
කඩුගන්නාව නගරසභාවේ සභික ධූර 15 ක් සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් 06 ක් ශ්රීලංකා පොදුජන පෙරමුණෙන් 07 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 01 ක් ජනතා විමුක්ති පෙරමුණෙන් 01 ක් ද වශයෙන් සභිකයින් තේරී පත්වූහ.
චමිල් රූපසිංහ