රුපියල් කෝටි 970 ක් වටිනා දුම්වැටි කෝටි 20 ක් ( මිලියන 200 ) " ශ්‍රී ලංකාවේ කලු තේ "" ශ්‍රී ලංකාවේ කුළු බඩු " ලෙස ප්‍රකාශ කරමින් , ප්‍රතිඅපනයනය කිරීම සදහා කොළඹ වරායේ සූදානම් කර තිබියදී ශ්‍රී ලංකා රේගුවේ අනුගතවීමේ සහ පහසුකම් සැළසීමේ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා අද දින පැවසීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙම දුම්වැටි තොගය බහාලුම් 21 ක අසුරා කොළඹ වරායට ගෙනැවිත් තිබුණේ නෙදර්ලන්තය , ජර්මනිය , එක්සත් රාජධානිය වැනි යුරෝපීය රටවලට ප්‍රති අපනයනය කිරීම සදහාය.
මෙම ක්‍රියාවලිය අන්තරාළ වෙළෙඳාම ලෙස හදුන්වන අතර , ශ්‍රී ලංකාවේ සුප්‍රකට තේ අපනයනය කරන සමාගමක නමින් මෙම බහාලුම් ප්‍රතිඅපනයනය සදහා ඉදිරිපත් කර තිබුණි .
මෙසේ ශ්‍රී ලංකාවේ කළු තේ සහ ශ්‍රී ලංකාවේ කුළු බඩු ලෙස එම රටවලට මෙම දුම්වැටි බහාලුම් අපනයනය කිරීම නිසා ශ්‍රී ලංකාවේ කළු තේ සහ කුළු බඩු සදහා පවතින ජාත්‍යන්තර කීර්තිනාමයට බලවත් හානි සිදු වේ .
එමෙන්ම මෙසේ වෙනත් රටවලට මෙම දුම්වැටි ව්‍යාජ අපනයනයන් ලෙස ඇතුළු කිරීම ජාත්‍යන්තර වශයෙන් සංවිධානාත්මක ජාවාරම්කරුවන්ගේ ක්‍රියාවක් ලෙස රේගුව සැක කරන අතර , මෙම දුම්වැටි වලින් කොටසක් ශ්‍රී ලංකාවේ වෙළෙඳ පළ තුළට ද මෙම ජාවාරම්කරුවන් විසින් යොමු කිරීමට ද පියවර ගෙන තිබිය හැකි බවට ද රේගුව වැඩිදුරටත් සැක පහළ කරයි .
එමෙන්ම මෙම බහාලුම් 21 ට අයත් නොවන තවත් බහාලුම් 12 ක් මේ ආකාරයට බෙල්ජියම , නෙදර්ලන්තය ,ජර්මනිය , ප්‍රංශය , එක්සත් රාජධානිය සහ බංග්ලාදේශය වෙත ද මේ වනවිට ප්‍රති අපනයනය කර ඇති බව ද රේගුව අනාවරණය කර ගෙන තිබේ .
රේගු අධ්යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී.රවිප්‍රිය මහතාගේ මගපෙන්වීම යටතේ , රේගු අධ්යක්ෂ හර්ෂ ජජයතිලක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරුන් වන දප්පුල අරේවත්ත ,
විජේරත්න බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ රේගු අධිකාරීවරුන් වන සංජය රවීන්ද්‍ර , ලාල් වීරකෝන් , යූ.ඩී.එම්.ඕ.දීපානි , නියෝජ්‍ය රේගු අධිකාරී මංජුල ප්‍රසාද් , සහකාර රේගු අධිකාරීවරුන් වන ප්‍රවීන් ඉන්ද්‍රනාම ,
අමිල සංජීව , සම්මාන සමරසේකර , භාතිය කුමාරසිරි , එස්.මද්දුමගේ සහ අවිදු රාජපක්ෂ යන නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති .