ගම්පහ සණස සමිතියේ තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් රුපියල් 732,956,660 මුදලක් වංචනිකව ගම්පහ සංවර්ධන සමිතිය වෙත ණය මුදල් වශයෙන් ලබාදෙමින් සිදුකරණ ලද මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම සමිතියේ කළමනාකරු හා සාමාන්‍යාධිකාරී ඊයේ (13දා) අත්අඩංගුවට ගෙන තිබේ.
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනයකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද (14දා) ගම්පම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මේ පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන පවත්වයි.