සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන, ඩුබායිහි අත්අඩංගුවට පත්වූ මාකඳුරේ මධූෂ් විසින් මෙහෙයවූ බව කියන මහරගම දියමන්ති කොල්ලයට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් දෙදෙනෙක් පොලීසිය පවසයි.
මෙම දියමන්ති කොල්ලයේ දියමන්තියේ හා මැණික් ගල් ව වටිනාකම රුපියල් කෝටි 700ක් පමණ වෙයි. අදාළ දියමන්තිය හා මැණික් ගල් බැහැර කිරීමට අදාර අනුබල දීමේ චෝදනා මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
රණාලේ හා කඩුවෙල පදිංචි අවුරුදු 28ක් වන සැකකරුවන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගත් එක් සැකකරවෙකුගේ ඥාතියෙක් (බාප්පා) මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙක් බවට තොරතුරු වාර්තා වී ඇති බවත් පොලීසිය පවසයි.