රුපියල් කෝටි 52ක් පමණ වටිනා හෙරොයින් කිලෝ ග්රෑම් 52ක් සමග අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය අත්හිටුවීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
අද (19දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි. ඔහුත් සමග තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්විය.
පොලිස් මූලස්ථානය ලැබුණු තොරතුරක් අනුව සති තුනක පමණ රහස්ය මෙහෙයුමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබීය.