රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 2.549 ක් හා විදේශීය රටක නිශ්පාදිත රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අද (02දා) පෙරවරුවේදී මොරටුමුල්ලේදි මෙම අත්අඩංගුවට ගැනීම කොළඹ දිසා දූෂණ මර්ධන අංශය විසින් සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයා අවුරුදු 41ක් වන ලක්ෂිත ප්රසන්න නමින් හැඳින්වෙන පුද්ගලයෙකි. ඔහු මෙරට ප්රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන සොත්ති උපාලි නැමැත්තාගේ පුතා වෙයි.