වැල්ලම්පිටිය බැන්ඩියාවත්ත ප්රදේශයේ දෙමහල් නිවසක සගවා තිබූ රුපියල් කෝටි 25ක අධික වටිනා මත්කුඩු තොගයක් සහ 3.8 වර්ගයේ රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් හා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය කියයි.
මත්කුඩු කිලෝ 25කට අධික ප්රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.
ඉන්දියාවට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ "පූකුඩු කන්නාගේ" සහෝදරියකට මෙම නිවස අයිති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොම්පඤ්ඤ වීදියේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයෙකි.
සංවිධානාත්මක පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක දෙකෙහි නිලධාරීන් මෙම වැටලීම් සිදු කළහ.