අම්බලන්තොට ව්‍යාපාරිකයෙකු හට රුපියල් කෝටි 02කට අලෙවි කිරීමට ගෙනා වාලම්පුරියක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අද අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් සමත්වී තිබේ.
හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරීන්හට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බියගම .කඩුවෙල , කටුනායක යන ප්‍රදේශහි පදිංචි කරුවෝ වෙති, සැකකරුවන් අතර කාන්තාවක්ද සිටි ඇය කඩුවෙල ප්‍රදේශයේ පදිංචි කරුවන් වෙති.
අත්අඩංගුවට ගත් වාලම්පුරිය, සැකකරුවන පැමිණි ලෑන් කුසර් වර්ගයේ ජීප් රථය හා සැකකරුවන් අධිකරණ කටයුතු සදහා හම්බන්තොට ධිවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට බාර දී තිබේ.