පිටකොටුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ට ඇතුළු නිලධාරින් හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි පිටකොටුව පොලීසිය කියයි.
උණ සහ සෙම්ප්රතිශ්යාව රෝග ලක්ෂණ හේතුවෙන් නාරහෙන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත් ව සිටි රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකුට සිදුකළ පි සි ආර් පරීක්ෂණයේදී ඔවුන් ට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය තිබූ බව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය
ඔවුන්ගේ පළමු පෙළ ආශ්රිත එකොළොස් දෙනෙකු ස්වයං නිරෝධායනය ලක් කර පොලිස් රෝහල වෙත ඇතුළත් කර සිටියදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණ වූ බව පොලිස් නිලධාරියා කීය.