යාපනය, කන්කසන්තුරය ප්රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනා කේරළ ගංජා කිලෝග්රෑම් 80ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් සැකකරු අද (25දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කන්කසන්තුරය පොලීසිය පවසයි.
කන්කසන්තුරය පොලිස් රථ වාහන පොලිස් නිළධාරීන් විසින් කන්කසන්තුරෙයි යාපනය ප්රධාන මාර්ගයේ ඊයේ (24දා) රාත්රියේ රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටියදී සැක කටයුතු වාහනයක් පරීක්ෂා කිරීමේදී කේරල ගංජා තොගය සොයාගෙන ඇත.
වාහනය අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී වාහනය තුල සැකකරුවන් දෙදෙනෙකු සිට ඉන් එක් සැකකරුවෙකු පළාගොස් ඇති අතර අනෙක් සැකකරුවා සමග වාහනයද කේරල ගංජා සමග අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් වන පුද්ගලයෙකු වන අතර, සැකකරු හා ගංජා තොගය යාපනය මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.