මිනිස්සුන්ගේ ගැටළු වලට විසඳුම් ලබාදිය යුත්තේ ගැටළු පවතින අවස්ථාවේ මිස ගැටලුව මගහැරී ගිය පසු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උඩුගම - හෝමදොල පැවති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධිකරණ කමිටුව අමතමින් අද (27) පැවසීය.
“කටුපොල් වගාව ගැන කිසිම හොඳක් අහන්න ලැබිලා නැහැ. කටුපොල් නිසා ජල හිඟය ඇතිවීම නිසා ජනතා විරෝධය එල්ල වුණු. කටුපොල් වගාව වෙනුවට තේ,රබර්,පොල් වගාවට යොමුවිය යුතුයි.
පරිසරයට විනාශයක් ඇති නොවෙන්න විද්‍යාත්මක පරීක්ෂණ සිදු කරන්න ඒ සමාගම් හුරුකරන්න ඕන. කටුපොල් තෙල් ආශ්‍රිතව නිපදවන ආහාර ද්‍රව්‍ය ශරීරයට සුදුසු නැහැ කියලා කියන්නේ.මේක නවත්තන්න පරිසරය ආරක්ෂා කරගැනීමයි වැදගත්. මේ නිසා ජල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා.කටුපොල් වෙනුවට තේ,පොල්,රබර් සිටුවන්න.
උඩුගම පානිය ජල ගැටලුවේදී පානිය ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම ජනතාවගේත්,නිලධාරීන්ගේත් වගකීමක්.විශේෂයෙන් කටුපොල් වගාව නිසා පිරිසිදු ජලය සම්බන්ධයෙන් ගැටුලු මතුවෙන විට ඒ සම්බන්ධව නිලධාරීන් වහාම සොයා බලා නිසි කටයුතු සිදු කළයුතුයි. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය වචන වලට පමණක් සීමා නොවි ක්‍රියාත්මක විය යුතු ප්‍රශ්නයක්.ඒ සඳහා දකුණු පළාතේ සෑම ප්‍රාදේශීය සභාවක් දැඩි අවධානය යොමු කල යුතුයි.
විශේෂයෙන් සෑම ප්‍රාදේශීය සභාවකම අපද්‍රව්‍ය විනාශ කිරීමට උනන්දු විය යුතුයි.සෑම ප්‍රාදේශීය සභාවකම ඇති අපද්‍රව්‍ය ජනතා නියෝජිතයින් හා නිලධාරීන්ගේ ක්‍රමවත් කළමනාකරණය ඇතිව වැඩ කළ යුතුයි.
කැළි කසළ කළමනාකරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මගින් නිවැරදි අයුරින් කසළ කළමනාකරණය යුතුයි. එලෙසම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩ සටහන පිළිබඳව සියලුම වාර්තාවන් මසක් ඇතුළත ලැබීමට සැලැස්විය යුතුයි. කසළ කළමනාකරණ වැඩසටහනට සමගාමිව සියලුම ප්‍රාදේශීය සභා වලට අයත් නගරයන්හි නගර අලංකරණය පිළිබඳව විශේෂ මුල් තැනක් දිය යුතුයි” බව පැවසීය.
රනිල් ප්‍රියංක ගමගේ