කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි නෙක්ස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .
ඒ අනුව ඊයේ දින සවස මෙම ඇගලුම් කම්හලේ සේවකයන් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කර තිබූ අතර ,ඒවායේ ප්‍රතිඵල අද දින සවස මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට ලැබී තිබුණි .
එම ප්‍රතිඵල වලට අනුව මෙම ඇගලුම් කම්හලේ සේවිකාවන් 02 දෙනෙකුට සහ සේවකයින් 09 දෙනෙකුට මෙම රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ .
මෙසේ කොරෝනා රෝගය ආසාදනය වූ සේවක පිරිස වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමට මේ වනවිට කටුනායක සෞඛ්‍ය බලධාරීන් පියවර ගනිමින් සිටිති .