කටුනායක අධිවේගී මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගය ලබන වසරේ අගෝස්තු මාසයේදී එකිනෙකට සම්බන්ධ වන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
දැනට අධිවේගී මාර්ගය කඩවත සිට මාතර ගොඩගම දක්වා සහ කටුනායක සිට පෑලියගොඩ දක්වාත්, පිටත වටරවුම් මාර්ගය ලෙස කඩවත දක්වා කොට්ටාව දක්වාත් කොටස හඳුන්වන බවද එම ඒකකයේ අධ්යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
මේ අනුව කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස 2019 අගෝස්තු මාසයේදී එකට සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මේ අනුව ලබන වසරේ අවසන් කාලයේ සිට කටුනායකින් ඇතුළු වන වාහනයකට මාතර ගොඩගම දක්වා අධිවේගී මාර්ගයේ එක දිගටම ගමන් කිරීමට හැකියාව තිබෙන බවද අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මීට අමතරව කොළඹ නගරය වරාය පිවිසුම සහ ගාලු පාර අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබෙන බවත් 2020 වසරේදී එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත බවත් හෙතෙම පවසා සිටියේය.