ගම්පහ දිස්ත්‍රික්කය තුළ අලුතෙන් කොරෝනා රෝගී තත්වය පැතිර යාමත් , දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කීපයකට ඇදිරි නීතිය පැනවීමත් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද යම් සීමා කිරීම් කීපයක් සිදු කිරීමට කටුනායක ගුවන් තොටුපළ ඉහළ කළමනාකරණයේ උපදෙස් මත පියවර ගෙන ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්ත තුළ ඇති තීරු බදු රහිත සාප්පු සංකීර්ණ වෙත අද (4) දින දහවල් 12.00 සිට ගුවන් මගීන්ට පිවිසීම යළි දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ .
එමෙන්ම ගුවන් තොටුපළ තුළ පිහිටි පැමිණීමේ පර්යන්තයේ ආලින්දයට සහ පිටත්වීමේ පර්යන්තයේ ඇති ආලින්දයටත් ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන්ට පිවිසීම මෙන්ම ගුවන් තොටුපළ මහජන ප්‍රේක්ෂක මණ්ඩපය ද මහජනතාව සදහා අද දින සිට නැවත දැනුම් දෙනතුරු වසා දමා දැමීමට ගුවන් තොටුපළ ඉහළ කළමනාකරණයේ උපදෙස් මත පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .