නව කැළණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් පෑලියගොඩ වටරවුම අසළින් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා භාවිත කරන පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දමන බව පොලීසිය පවසයි.
ඒ අනුව එළැඹෙන 04 දා සිට 20 දා තෙක් මෙසේ මාර්ගය වසා තැබීමට නියමිතය. මේ හරහා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ වාහන සුපුරුදු පරිදා ගමන් කළ හැකි බවත් පෑලියගොඩ වටරවුම අසළින් කටුනායක දෙසට ගමන් ගන්නා මහජනතාව හා රියදුරන් එම කාලය තුළදී විකල්ප මාර්ග භාවිත කළ යුතු බව පොලීසිය පවසයි.