කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ , එහි සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා විසින් 07/05 දින උදෑසන විවෘත විය .
මෙම අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි ක්‍රිස්ටල් මාටින් නැමැති කර්මාන්තශාලාවට අයත් ගොඩනැගිලි සංකීර්ණයක පිහිටුවා තිබේ .
මෙම වෛද්‍ය මධ්‍යස්ථානය සදහා රුපියල් මිලියන 25 ක මුදලක් ආයෝජනය කර ඇති අතර , මෙහි ප්‍රතිකාර ලබන රෝගීන් සදහා ඇදන් 425 ක් සූදානම් කර තිබෙන බව සංජය මොහොට්ටාල මහතා පැවසීය .
මේ සදහා කටුනායක නිදහස් වෙළෙඳ කළාපීය කර්මාන්තකරුවන්ගේ සංගමය , ගම්පහ ජාතික තරුණ සේවා සභාව ද දායකත්වය සපයා තිබේ .
මෙම මධ්‍යස්ථානයේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්යය මණ්ඩලය විසින් සිදු කරනු ලබයි .
මෙම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ මීගමුව මහ රෝහලට අයත් ගිලන් රථයක් පැය 24 පුරා සූදානමින් තබා ඇති අතර , මෙහි සංකූලතා මතු වූ රෝගීන් මේ මගින් ක්ෂණිකව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට සැළසුම් කර තිබේ .
මෙම අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ වැඩිපුර ගැහැණු සේවිකාවන් සදහා ඇදන් සූදානම් කර ඇති අතර , ඔවුන්ගේ රෙදි සෝදා ගැනීමට රෙදි සෝදන යන්ත්‍ර , දුරකථන පහසුකම් , රූපවාහිනී සහ ගුවන් විදුලි යන්ත්‍ර , වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට නේවාසික පහසුකම් මෙන්ම , සමස්ථ ප්‍රතිකාර මධ්‍යස්ථානයම වායුසමනය කිරීමට ද ලක් කර තිබේ .
කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරන අතර , එක් අයෙකුට දිනකට වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් රුපියල් 1,500 ක මුදලක් , ඔවුන් සේවය කරන කර්මාන්තශාලාව මගින් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙවීම සිදු කළ යුතුය .
කටුනායක ටී.කේ.ජී.කපිල