මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කොට්ටාව නගරයේදී (22) රාත්‍රී, සිදුකළ හදිසි ආහාර වැටලීමකදී ,සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර , මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ස්ථාන තිහක් වටලා ,ඉන් ස්ථාන අටකට රතු නිවේදන නිකුත් කොට අලෙවිසැල් හයකට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව ,මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
මෙහිදී කොට්ටාව නගරයේ ආපන ශාලා ,හෝටල්,සිල්ලර වෙළඳසැල්, ෆාමසි,පළතුරු කඩ ,ජංගම අලෙවි කුටි ,ඇතුළු ස්ථාන විසි හතක් පරීක්ෂාවට ලක් කළ බව පැවසේ .
එහිදී නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වන දිනය, ලේබල්,නොමැති ආහාර වර්ග ගබඩා කර තැබීම ,පිසු ආහාර හා වියළි ආහාර එකම ශීතකරණයක ගබඩා කර තැබීම ,දින ගණනක් පොල්තෙල් බහලු එකම භාජනයකින් ආහාර නිෂ්පාදනය කිරීම ,අවිධිමත් ආහාර ගබඩා පවත්වාගෙන යාම ඇතුළු වැරදි ගණනාවක් අනාවරණය වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි .
ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු රුපියල් ,65000 වටිනා කුකුල් මස් කිලෝ 120 , කොත්තු රොටි සෑදීමට භාවිතා කරන රොටී කිලෝ විස්සයි ,උම්බලකඩ සම්බෝල සහිත බෝතල් 15 ,සෝස් බෝතල් 12, ඇතුළු භාණ්ඩ රැසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගෙන විනාශ කිරීමට පියවර ගත් බව පවසයි,
එසේම පදික වේදිකාවේ ජංගම කුටි තුළ කඩල අලෙවියත් සමග ඉමිටේෂන් රන්භාණ්ඩ අලෙවි කරන ස්ථානයක් ද හමුවූ බව කියයි.
පසුව පරීක්ෂාවට ලක් කළ , ස්ථාන අටකට රතු නිවේදන නිකුත් කොට ,අලෙවිසල් 6 කට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නඩු පැවරීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි .
කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම හා බෝ වන රෝග පාලනයෙන් ඉවත්ව වෘත්තිය ක්‍රියා මාර්ගයකට පැමිණ සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් මෙම වැට්ළීම සිදු කිරීම විශේෂත්වයක් විය.
මෙම වැටලීම මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රිසින් මාරසිංහ මහත්මිය ගේ උපදෙස් මත, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක විජේසිරි මහතාගේ මෙහෙයවීමෙන් ,කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න , තුසිත ශ්‍රී රාම්,එස්.ඩී.කාන්ත් මහතා ඇතුළුව ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ .