කටුගස්තොට, ඇලදෙණිය ප්ර දේශයේ පිහිටි ඩෙල්මා ලංකා පුද්ගලික සමාගමට අයත් ගිනි පෙට්ටි ගබඩාවේ හදිසි ගින්නක් ඇතිව තිබේ.
මහනුවර ගිනි නිවීමේ ඒකකය, ප්රදේශවාසීන් හා කටුගස්තොට පොලීසිය එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ.
ජීවිත හානි හා තුවාල වාර්තා වී නොමැති බවත් කටුගස්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය නිවේදනය කරයි.