කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් නිවසක එකම පවුලේ අට දෙනෙකුට කොවිඩ් 19 වෛසරය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ සහ කටුගස්තොට පොලීසියේ කොවිඩ් 19 මර්දන ඒකකය පියවර ගනු ලැබ තිබේ.
මෙම නිවසේ පාසැල් සිසුවියක මුලින් ආසාදිත වී ඇති අතර ඉන් පසුව පවුලේ සාමාජිකයින් සම්බන්ධයෙන් කරනු ලැබූ පීසීආර් පරීක්ෂණ අනුව පවුලේ තවත් හත් දෙනෙකු ආසාදිත බවට හඳුනා ගනු ලැබ තිබේ.
ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
මහනුවර මොහොමඩ් ආසික්