කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙකු තලවකැලේ හා කොටගල ප්‍රදේශවලින් අද (26) හඳුනා ගෙන ඇතැයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලය පවසයි.
කොටගල වුටන්, කොටගල ඩ්රේටන් හා තලවකැලේ දෙවිසිරිපුර ප්‍රදේශයෙන් මෙම ආසාදිතයන් හඳුනා ගෙන ඇති අතර ඔවුන් තිදෙනොම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළට සම්බන්ධවුවන් බවට අනාවරණය කරගෙන තිබේ.
මෙම තිදෙනාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඔවුන්ට සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණවලදී හෙළිව ඇත. ඔවුන් සියලුම දෙනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාය වෙත යොමු කිරීමත් ඔවුන්ගේ ළගම ආශ්රීතයන් නිරෝධායනය කිරීමටත් සෞඛ්‍ය අංශ නිලධාරීන් පියවර ගෙන තිබිණි.
ජනතාව ඒකරාශිවීම වැළැක්වීම පිණිස කොටගල නගරයේ වෙළෙඳ සැල් අද (26) වසා දැමීමට කොටගල වෙළෙඳ සංගමය පියවර ගෙන තිබිණි.