නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත්, කොටගල පැරකුම් සිංහල විදුහල අසන්නයේ කසල ගොඩක තිබී වෙඩි බෙහෙත් අඩංගු බහලුමක් අද (06) පෙරවරුවේ සොයාගත් බව දිඹුල පොලීසිය පවසසි.
කොටගල පැරකුම් විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ දෙමවුපියන් තම දරුවන් පාසල වෙත ඇරලවීමෙන් අනතුරුව පාසල අවට පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වී සිටි අවස්ථාවේදී කසල ගොඩක තිබී මෙම වෙඩි බෙහෙත් බහලුම හමු වීමෙන් අනතුරුව පොලීසියට දන්වා ඇත.
දිඹුල පොලීසිය යුද හමුදාව සමඟ එක්ව පැරකුම් පාසල අවට හා ප්‍රදේශයේ පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.