කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකුගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා ස්වයං නිරෝධානයට යොමු කර සිටි තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (05) දින තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා පැවසිය.
තලවකැලේ හොලිරුඩ් වතු යායේ සහකාර වතු අධිකාරිවරයා පෙර අසාදිතයා බවත්, අසාදිත පොලිස් ස්ථානාධිපතිවරයාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට (05) දින පියවර ගන්නා බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.
මේ අතර කොටගල පොරස්ක්රික් වතු යායේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය ගිය අයෙකුගේ පවුලේ සමාජිකයන් 08 දෙනෙක් ඇතුළු තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් හොලිරුඩ් වතු යාය , තලවකැලේ නගරය ඇතුළු වතු කිහිපයක අසාදිතයන් 18 දෙනෙකු (05) දින හදුනාගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.