බූස්ස බන්ධනාගාර කඳවුරේ සිදුකළ විශේෂ සෝදිසියකදී පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගෙන ඇති බවට වාර්තා වේ.
පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ (06) පස්වරුවේ මෙම සෝදිසි කිරීම සිදුකර තිබේ.
එහිදී කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ සිවිලිමේ සූක්ෂම ලෙස සඟවා තිබූ දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයාගත් බවත් වාර්තා වෙයි.