කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ ඉතාලි තානාපතිවරයා ලෙස කටයුතු කළ ලූකා අත්තනාෂියෝ ගෝමා හිදී එල්ල වූ ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉතාලි විදේශ අමාත්යංශය පවසයි
තානාපතිවරයා සමග ඔහුගේ ආරක්ෂාවට සිටි ඉතාලි සොල්දාදුවෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඔවුන් ගමන් කළ රථ පෙළට එල්ල වූ ප්රහාරයකිනි. ඔවුන් එක්සත් ජාතීන්ගේ හමුදා රථ පෙළක් සමග රටේ නැගෙනහිර ප්රදේශයේ ගමන් කරමින් සිට ඇත.
ඉතාලියේ අගමැති මාරියෝ ඩ්රැගි විසින් ඉතාලි තානාපතිවරයාගේ සහ සොල්දාදුවාගේ පවුල්වලට සිය ශෝකය ප්රකාශ කරමින් ප්රකාශයක් නිකුත් කර ඇත. මේ අතර ලෝක ආහාර වැඩසටහන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ප්රහාරයෙන් ඔවුන්ගේ රියැදුරෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.