කෑගල්ල දිස්ත්‍රික්කය පුරා කහ තිත් පලගැටි උවදුර ශ්රීඝ්රයෙන් පැතිර යන බව අප කල සොයා බැලිමකදි අනාවරණය විය.
පොල් කොස් සහ සියලුම බව භෝග වල ශාක පත්‍ර පලගැටියන් ආහාරයට ගැනිමෙන් ප්‍රදේශයේ කෘෂි කර්මාන්තයට දැඩි අලාභහානීයක් සිදුවිමේ අවධානමක් ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කය පුරා මේ වන විට ස්ථාන 06ක් පමණ මෙම පලගැටි උවදුරට පත්ව තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ආර් පී ඵ් ඵල් රාජපක්ෂ මහත්මිය පැවසීය
කෑගල්ල දෙල්දෙණිය ප්‍රදේශයෙන් අද 04දා කහ තිත් පලගැටි උවදුර වාර්තා විමත් සමග කෘෂි නිලධාරින් මේ පිළිබදව සොයා බලා මෙම උවදුර මර්ධනය කිරිමට අවශ්‍යය උපදෙස් ගොවි ජනතාව වෙත ලබාදිමට අවශ්‍යය කටයුතු සිදුකෙරිණි.
මේ උවදුර පිලිබදව අදහස් දැක්වු අයි ඵන් ඵස් කුමාර මහතා (කෘෂි පර්යේෂණ නිලධාරි)
මේ වන විට කෑගල්ල දෙල්දෙණිය ප්‍රදේශයෙන් කහ තිත් ඉරිපලගැටි උවදුර වාර්තා වෙලා තියෙනවා පලගැටියන් පන්සියයක් විතර ප්‍රමාණයක් මෙහි සිටිනවා. මෙය පාලනය කිරිමට අවශ්‍ය කටයුතු පිලිබදව ගොවි ජනතාව දැනුවත් කිරිමට අප කටයුතු කලා.