ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම මැඩලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමුව තිබෙන බව ද ඒ අනුව සියලුම දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අදාළ ආයතන, නිලධාරීන් සහ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව ද සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.
කෑගල්ල නගර ශාලවේදී අද (8) පැවති දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටු රැස්වීමේ දී සඳහන් කළේය.
පාසැල් ආරම්භ කිරීමට පෙර සියලුම පාසල් සුරක්ෂිත ස්ථාන බවට පත්කළ යුතු බව ද රාජ්‍ය ආයතන සහ අනෙකුත් ජනතාවට පහසුකම් ලබා දෙන ආයතන පිරිසිදුව පවත්වාගෙන යාමටත් ජනතාව ඩෙංගු රෝගය පිළිබඳව දැනුවත් කිරීම් සඳහා වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බව ද තවදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සඳහන් කළේය.
මේ වන විටත් ඩෙංගු මර්දන ග්‍රාමීය කමිටු, ප්‍රාදේශීය කමිටු , දිස්ත්‍රික් කමිටු වශයෙන් ක්‍රියාත්මකව පවතින බව සඳහන් කළ අතර ජනතාව දැනුවත් කිරීමට අදාළ ආයතන ඒකාබද්ධ කරගනිමින් කටයුතු කරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට ඩෙංගු රෝගින් 501 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වැඩිමඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මාවනැල්ල සේඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බව ද අඩුම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේන් බවද දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුජීව බණ්ඩාර මහතා පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසැල් මේ වනවිට පිරිසුදු කර ඇති අතර රජය මඟින් ලබා දෙන උපදෙස් අනුව පාසැල් විවෘත කිරීමට හැකි වාතාවරණයක් පවතින බව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා මෙහි දී පැවසීය.