කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් දෙකකින් තවත් ඇගලුම් සේවක සේවිකාවන් 22 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
ඊයේ (14) රාත්‍රි ලැබුණු පි.සි.ආර් පරික්ෂණ ප්‍රථිපල මත තවත් 22 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද හෙතෙම පවසයි.
මේ වනවිට මෙකි ඇගලුම් කම්හල් දෙකෙන් කොරෝනා ආසාදිත රෝගින් 34 දෙනෙකු වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි.
එක් ඇගලුම් කම්හලකින් ආසාදිතයින් 20 දෙනෙකු හා අනික් ඇගලුම් කම්හලින් ආසාදිතයින් 02 නෙකු වාර්තා වි ඇති බවද ඒ මහතා පවසයි.
මින් එක් ඇගලුම් කම්හලක සේවක සේවිකාවන් සදහා පි.සි ආර් පරික්ෂණ 95 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදු කොට ඇති අතර අනික් ඇගලුම් කමහලේ සේවක සේවිකාවන් 100කට අධික පරිසක් පුද්ගලික රෝහලකින් පි.සි ආර් පරික්ෂණ සදහා ලක්කොට ඇති බවද ඒ මහතා පවසයි.
කොරෝනා ආසාදිත ඇගලුම් සේවක සේවිකාවන් ඉමදුව වැලිගම මාතර තිහගොඩ හික්කඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති.