කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 05කින් අද (17) පෙරවරුව වන විට ආසාදිතයින් 69 දෛනකු වාර්තා වි ඇති අතර ඔවුන්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් 1400ක් පමණ නිරෝධායනයට ලක්කොට ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
මේ වනවිට නිදහස් වෙළද කලාපයේ කොරෝනා පොකුර ඇගලුම් කම්හල් 05ක් දක්වා ව්‍යාප්තවි ඇති බවත් අනිකුත් ඇගලුම් කම්හල් වෙතද මෙකි කොරෝනා පොකුර ව්‍යාප්ත විමේ දැඩි අවදානමක් ඇති බවද ඒ මහතා පවසයි. මේ වනවිට එක් ඇගලුම් කම්හලක සේවක සේවිකාවන් 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති අතර තවත් ඇගලුම් කම්හලක 30 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද හෙතෙම පවසයි.
මිට අමතරව තවත් ඇගලුම් කම්හල් 03කින් කොරෝනා ආසාදිත රෝගින් 06 දෙනෙකු වාර්තා වි ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
දින 07 කාලයක් තුල මෙම අසාදිත රෝගින් වාර්තා වි ඇති බවද ඒ මහතා පවසයි..ඉකුත් 10 වැනිදින එක් ඇගලුම් කම්හලක සේවකයෙකුට හා සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට මුලින්ම තහවුරුවිය.මෙකි අවදානම් තත්වය පිළිබද තමන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා දැනුවත් කිරිමට කටයුතු කර ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.