කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරන ඇගලුම් සේවිකාවන් 80 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ සදහා ජෛව සාම්පල් ලබා ගැනිම ඊයේ (15) දින සිදුකළ බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් සමුහයට අනුබද්ධ ඇගලුම් කම්හලක් කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටා ඇති අතර එම ඇගලුම් කම්හලේ සේවය කරන සේවිකාවන් 80 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ සදහා ජෛවසාම්පල් ලබාගැනිම සිදුකළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
මිට අමතරව හබරාදුව පොලිසියේ නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරින් 06 දෙනාගෙද පි. සි.ආර්. පරික්ෂණ සිදුකළ බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
මෙකි පි.සි.ආර්. පරික්ෂණවල ප්‍රථිපල වාර්තා ලැබිමට නියමිතව ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සදහන් කළේය.