නාවික හමුදාව විසින් ඊයේ (25) දින කෝකිලායි, කල්ලරාව හන්දිය ප්රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී අත්බෝම්බයක් සොයා ගන්නා ලදී.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් කෝකිලායි, කල්ලරාව හන්දිය ප්රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී අත්බෝම්බයක් මෙලෙස සොයා ගෙන ඇති අතර, මෙම අත්බෝම්බය මානුෂීය මෙහෙයුම් පැවැති සමයේ මෙම ප්රදේශයේ අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කෙරේ.