රුපියල් කෝටි තුනක වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ගිනිබිසව් රාජ්‍යයේ ගුවන් මගියෙකු අද (15දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
28 හැවිරිදි සැකකරු නයිජීරියාවේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ , එහි දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. - 664 දරන ගුවන් යානයෙන් කටුනායකට පැමිණ තිබුණි.
සැකකරුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම කොකේන් කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 60 ක ප්‍රමාණය සගවා ගෙන තිබී ඇත.