මෙරට ඖෂධ නිෂ්පාදනය කරනු ලබන සමාගම්වලට මුදල් අමාත්‍යාංශයෙන් ගෙවිය යුතු රුපියල් බිලියන 20ක හිඟ මුදල් නොගෙවීම නිසා ඖෂධ නිෂ්පාදන කටයුතු අඩාළ වන තත්ත්වයක් උදා වී ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යංශය හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමග ඒකාබද්ධව ඖෂධ නිෂ්පාදනය කරනු ලබන සමාගම් මේ තත්ත්වය නිසා ගැටලු රාශියකට මුහුණපා ඇති බව සඳහන් වේ.
මෙම මුදල් ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයට සිහි කැඳවීම් ගණනාවක් කර ඇතත්, මෙතෙක් ඒ සඳහා විධිමත් ප්‍රතිචාරයක් ලැබී නැති බව වාර්තා වේ.
මේ තත්ත්වය නිසා දේශීය ඖෂධ නිෂ්පාදනවල හිඟයක් ඇති වීමට ඉඩ ඇතැයිද සඳහන් වේ.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප)