ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා ආයෝජකයන් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මේ වනවිට ගිවිසුම් අත්සන් කර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අමාත්‍යංශය සඳහන් කළේ,ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 45 ක මුදලක් වැය වන බැවින් එම මුදල ඉතිරි කරගැනීම සඳහාමෙම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව මහනුවර, හොරණ, රත්මලාන, කළුතර යන ප්‍රදේශවල පිහිටි කර්මාන්තශාලා 06ක් මේ වනවිට ඖෂධ නිෂ්පාදනය සිදුකරන අතර,මෙම වසර අවසන් වීමට ප්‍රථම තවත් ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 03ක් විවෘත කිරීමට නියමිත බවත්, වර්ෂ 2020 වනවිට මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන්85෴ක්රට තුලදීම නිෂ්පාදනය කිරීම රජයේ අරමුණ වන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.