ඕමානයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙක් මියගෝස් ඇතැයි ඕමාන මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සෙනසුරාදා මෙම අනතුරුව සිදුව ඇති අතර එකම පවුලේ මව හා දියණියන් දෙදෙනෙක් මෙන්ම තවත් පවුලක කුඩා දරුවෙක් මෙසේ අනතුරින් මියගොස් තිබේ.
සති අන්තයේ චාරිකාව සඳහා ගමන් කරමින් සිටින විට මෙම අනතුරුව සිදුව ඇත. අනතුර සිදුව අවස්ථාවේසී රථයේ 7ක් දෙනෙක් ගමන් කර තිබේ. ඒ එකම පවුලක මව පියා හා දරුවන් තිදෙනෙක් මෙන්ම තවත් පවුලක දරුවන් දෙදෙනෙක්ය.
මියගිය දරුවන් තිදෙනොම මස්කට්හි ශ්‍රී ලංකා විදුහලේ ඉගෙනුම ලබමින් සිට ඇත. තුවාල ලැබූ පියා, ඔහුගේ පුතා හා තවත් දරුවෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
මෙම අනතුර සඳහා හේතුව තිරිංග පද්ධතියේ ඇතිවූ දෝශයක් බවට එරට පොලීසිය සැකකරයි.
මස්කට් ඩේලි ඇසුරෙනි