ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍යම නම් තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබා ගැනීම ගැටලුවක් නොවන බව සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.
ඊයේ (05දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ඒ අයට ඕනම නම් ඕනම කියලා අඩනවා නම් මන්ත්‍රීකම ගත්තට ප්‍රශ්නයක් නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා නිමල් සිරිපාලද සිල්වා මහතා දිගු කළ හරි අත දිහා බලාගෙන හරි තීන්දුව ගනීවි කියලා අපි හිතනවා.
අපි කාගෙත් මහ ගෙදර තමයි අත. කරුණාකර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වලදාපු නායකයා ලෙස ඉතිහාස ගත කරන්න එපා. ගෝඨාභය මහතාගේ ජයග්‍රහණය ස්ථිරයි.
එතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිට ගත්තේ නැන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැත නම ගෑවා කියලා ඉතිහාස ගතවෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන්න ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න පක්ෂය යටින් නාය යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් ලක්ෂ (ඡන්ද) 15ක් නෑ තිබෙන්නේ ලක්ෂ 5ක් විතර.”