ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් අඟහරුවාදා ප්‍රකාශ කළේ, නවතම කොවිඩ්-19 දේශීය සම්ප්‍රේෂණය සමග සතියක් පුරා පැනවූ ලොක්ඩවුන් සීමා බ්‍රහස්පතින්දා රාත්‍රියේ සැලසුම් කළ පරිදි අවසන් කළ හැකිද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි.
පසුගිය සතිය මුලදී මාස තුනකට ආසන්න කාලයක් තුළ රජය විසින් දේශීයව සම්ප්‍රේෂණය කරන ලද මුල්ම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා කිරීමෙන් පසුව, මැයි 27දා ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත ප්‍රාන්තය අගුලු දැමීය. එහිදී අත්‍යවශ්‍ය ව්‍යාපාර හැර මිලියන 7කට ආසන්න පදිංචිකරුවන්ට නිවෙස් තුළම රැඳී සිටීමට සිදුවිය.
මේ වනවිට පොකුරුවල මුළු ආසාදිතයන් සංඛ්‍යාව 54ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අඟහරුවාදා දේශීයව හඳුනාගත් නව ආසාදිතයන් 9ක් වාර්තා විය. කෙසේ වෙතත් අඟහරුවාදා දත්තවලට සඳුදා ප්‍රකාශයට පත් කරන ලද සිද්ධීන් 6ක්ද ඇතුළත් බව බලධාරීන් පවසයි.
වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාටින් ෆෝලි මෙල්බර්න් හි මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, "ලොක්ඩවුන් සීමා දීර්ඝ කිරීමක් සිදුවනු ඇත්දැයි මා තවම දන්නේ නැහැ. කෙසේ වෙතත් උණුසුම් ස්ථාන ලැයිස්තුවට තවත් ස්ථාන කිහිපයක් එකතු කිරීම නිසා ප්‍රජා සම්ප්‍රේෂණය පිළිබඳව සැලකිය යුතු අවධානයක් පවතිනවා" යනුවෙනි.
කෙසේ වෙතත් මෙම ආසාදන පැතිරීමත් සමග සොයාගත් ප්‍රාථමික සම්බන්ධතා 4,800කින් 75% ක් පමණ දැන් සෘණාත්මක පරීක්ෂණයක් ලබා දී ඇති අතර, ඉතිරි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියි. නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව ධනාත්මක පරීක්ෂාවක් සිදුකළ විදෙස් සංචාරකයෙකු දැනට හඳුනාගෙන ඇති ආසාදිත පොකුරු තුනටම බලපා ඇති බව කියයි.
කඩිනම් අගුලු දැමීම්, කලාපීය දේශසීමා පාලනයන් සහ චලනය සඳහා දැඩි සීමාකිරීම් බොහෝදුරට සංවර්ධිත රටවල් අතර දක්නට ලැබුණු ඉහළ කොවිඩ්-19 සිද්ධීන් සංඛ්‍යාවෙන් ගැලවීමට ඔස්ට්‍රේලියාවට උදව් වී තිබේ. මේ වනවිට රට තුළ රෝගීන් 30,100කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 910ක් වාර්තා වී තිබේ.