කොවිඩ්-19 වසංගතය ආරම්භ වූදා සිට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ මහජන අනුමත ශ්‍රේණිය (ජනප්‍රියත්වය) අවම අගයට පැමිණ ඇත්තේ අගුලු දැමීම හේතුවෙන් වර්ධනය වන බලාපොරොත්තු සුන්වීම් සහ එන්නත් කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී වීම නිසා බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
ඔස්ට්‍රේලියානු පුවත්පතක් විසින් සිදුකළ මෙම සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ එරට ඇති වූ ලැව්ගිනි තත්ත්වය හමුවේ මොරිසන් සහ ඔහුගේ රජයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් පසුගිය වසරේ මුල් භාගයේදී විවේචනයට ලක්වූ අවස්ථාවේදී අගමැතිවරයාගේ මහජන සහයෝගය ලකුණු 4%කින් අඩුවීමේ සිට වසංගතය හේතුවෙන් මේ වනවිට එය 47%ක් දක්වා පහත වැටී ඇති බවයි.
බෙහෙවින් බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම මැඬපැවැත්වීම සඳහා රටේ විශාල ප්‍රදේශයක් වසා දැමීම මෙන්ම, එන්නත්කරණය අතිශය මන්දගාමීව සිදුකිරීම හමුවේ මොරිසන් දැඩි විවේචනයට ලක්ව තිබේ.
ඒ අනුව මෙම නවතම සමීක්ෂණයේදී මොරිසන්ගේ වසංගතය හැසිරවීම අනුමත කිරීම පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඉහළ ගිය 85%ක සීමාවේ සිට මේ වනවිට 48%ක් දක්වා අඩකින් පමණ පහළ ගොස් තිබේ.