කොවිඩ්-19 වසංගතය හමුවේ අගුලුදමා ඇති ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හා නගර නැවත විවෘත කිරීමේ සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අගමැති ස්කොට් මොරිසන් සහ ප්‍රාන්ත මහ ඇමතිවරුන් සමග සාකච්ඡාව සිකුරාදා (27දා) පැවැත්වෙයි.
සිඩ්නි නුවර කොවිඩ්-19 ආසාදිතයන් ගෙවීගිය දිනයේ ඉතා සුළු වශයෙන් අඩු වූ නමුත් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය රට 70% සිට 80%ක් දක්වා එන්නත් කිරීමේ අනුපාතයට පැමිණෙන තුරු රට විවෘත නොකිරීමේ සැලසුමකට ඇලී සිටියි.
කෙසේ වෙතත් අගුලු දමා මාස දෙකක් ගතව තිබියදීත්, සිඩ්නි හි දෛනිකව ආසාදන ඉහළ අගයක පැවතීම ඇතැම් ප්‍රාන්තවල කණස්සල්ලට හේතු වී ඇති අතර, මේ සම්බන්ධයෙන් ෆෙඩරල් සහ ප්‍රාන්ත නායකයන් ජාතික කැබිනට් මණ්ඩලය සමගද සාකච්ඡා කිරීමට නියමිතය.
ආසාදන ඉහළ යමින් තිබියදී ඔක්තෝබර් අවසානයේ සිට ඔස්ට්‍රේලියාවේ එන්නත් කිරීමේ අනුපාතය 32% සිට 70%ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළත් තවමත් එම අගයට ළඟාවීමට හැකියාවක් ලැබී නොමැත. නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මහ ඇමතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් පැවසුවේ, එන්නත් කිරීමේ වේගය සහ දෛනික ආසාදනයන්ටත් වඩා රෝහල්ගත වීමේ සංඛ්‍යාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි.