ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නගරය ආශ්‍රිතව කොවිඩ්-19 පැතිරීමක් හේතුවෙන් එය දින තුනක් හදිසි ලොක්ඩවුන් තත්ත්වයකට පත්කර තිබේ.
මිලියන දෙකකට අධික පදිංචිකරුවන් සිටින ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගනුවර වන බ්‍රිස්බේන් නගරය අද (29දා) දිනයේ සිට එරට වේලාවෙන් ප.ව. 5.00 සිට මෙම ලොක්ඩවුන් සීමා ආරම්භ කරයි.
මීට පෙර එක් ආසාදිත සිද්ධියක් හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේදීද නගරය දින තුනක් වසා දැමුණි.
මීට වසරකට පෙර ඔස්ට්‍රේලියාවේ පළමු වැනි කොවිඩ්-19 රැල්ලට පසුව නගරය විසින් දේශීය වශයෙන් හමුවූ ආසාදිතයන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇත.
සෙනසුරාදා ප්‍රථම වරට බ්‍රිස්බෙන් නගරයෙන් වාර්තා වූ ආසාදන පැතිරීම මීට මාසයකට ආසන්න කාලයක් තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රජා සම්ප්‍රේෂණ පළමු පොකුර හා සම්බන්ධ බව කියයි.
වෛරසය ප්‍රජාව තුළට කාන්දු වූයේ කෙසේද යන්න සෞඛ්‍ය නිලධාරීන් විසින් තවම නිශ්චය කර නොමැති නමුත් එය සති දෙකකට පෙර බෝවන රෝහල් වෛද්‍යවරයකු හරහා පැතිරෙන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
ක්වීන්ස්ලන්ත මහ ඇමතිනී ඇනස්ටේෂියා පලස්චුක් පැවසුවේ සඳුදා වාර්තා වූ තවත් දේශීය ආසාදිතයන් හතර දෙනෙකු සමග ප්‍රජා සම්ප්‍රේෂණය ඉහළ යන බව හඳුනාගත් බවයි.