ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ස්වාභාවික විපතක් ප්‍රකාශයට පත් කර ඇති අතර අධික වර්ෂාව හේතුවෙන් ප්‍රාන්තය දේපළ රැසක් විනාශ වී, දහස් ගණනක් ඉවත් කිරීමට බල කෙරී තිබේ.
බ්‍රහස්පතින්දා සිට ඇති වූ වර්ෂාව හේතුවෙන් මෙම ජල ගැලීම් සාමාන්‍ය මට්ටමක පැවතියද, ප්‍රධාන වේල්ලක් පිටාර ගැලීම නිසා නැගෙනහිර විශාල ප්‍රදේශයක් දැඩි අර්බුදයකට ලක්විය.
ඒ අනුව සිඩ්නි ආසන්න හන්ටර් නිම්නයේ සිට කෝෆ් වරාය දක්වා මධ්‍යම හා උතුරු වෙරළ තීරයේ ස්වාභාවික ආපදා ප්‍රකාශ 16කට නිව් සවුත්වේල්ස් සහ ෆෙඩරල් රජය අත්සන් තබා ඇති බව කියයි.
කෙසේ වෙතත් මෙම ස්වභාවික විපතින් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැත. නමුත් නොවැළැක්විය හැකි මාරාන්තිකයට සමීප වෙමින් සිටින බවටද බලධාරීන් අනතුරු අඟවා තිබේ.
ගංගා භයානක මට්ටමට ඉහළ යෑම නිසා සමහර පවුල්වලට ඊයේ (21දා) මධ්‍යම රාත්රියේදී ඉවත් වීමට සිදු වූ අතර, තවත් 4,000ක් ඉවත් කිරීමට සැලසුම් කර තිබුණි.