ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සය ගෙවීගිය දිනයේ දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ-19 ආසාදිතයන් ශුන්‍ය ලෙස වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
දෙසැම්බර් 15 වැනිදායින් ඉරිදා රාත්‍රී 8.00 දක්වා පැය 24ක කාලයක් තුළ දේශීය ආසාදන කිසිවක් වාර්තා නොවූ පළමු වැනි අවස්ථාව මෙය බව අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත්, ඉරිදා රාත්‍රී 8.00 ට පසුව ආසාදන දෙකක් අනාවරණය වී ඇති අතර, එය ඊළඟ දින ගණන්වලට ඇතුළත් වේ.
සිඩ්නි හි බටහිර උප නගරයක් වන බෙරාලා හි තවත් කොවිඩ්-19 සිද්ධීන් ඉදිරි දිනවලදී මතුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එහි දේශීය මත්පැන් සිල්ලර වෙළෙඳ සැලකට හෝ සුපිරි වෙළෙඳ සැලකට ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට ලක්කර සෘණාත්මක ප්‍රතිලයක් ලැබෙන තුරු ස්වයං හුදෙකලාවකට යොමු වන්නැයි අමාත්‍යාංශය ඉල්ලා සිටියේය.
බටහිර සිඩ්නි නුවර පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී සිටි 600කට අධික පිරිසක් පොලීසිය විසින් විසුරුවා හැර තිබේ. වර්තමාන සීමාවන් යටතේ නිව් සවුත් වේල්ස් හි මංගල උත්සව සඳහා අමුත්තන් 150කට පමණක් ඉඩ ලැබෙයි.