කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයන්ට දින 14 ක ස්වයං හුදකලාවක නිරත වන ලෙස ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ.
"මෙය ඉතා වැදගත්" යැයි ස්කොට් මොරිසන් කෙටි සාකච්ඡාවකදී කියා සිටියේය. මෙම පියවර අද (15දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙයි.
මේ වන විට නවසීලන්තයද මෙම පියවර සෙනසුරාදා සිට ආරම්භ කර තිබේ. ඔස්ට්‍රේලියාව විසින් රෝගීන් 250 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ තුනක් වාර්තා වී තිබේ.