ඔස්ට්‍රියාවේ ඉලක්කගත කොවිඩ්-19 ආසාදන අනුපාතය බලාපොරොත්තු වූවාට වඩා 10 ගුණයකින් වැඩි වීමෙන් පසු ඔස්ට්‍රියාව එලැඹෙන අඟහරුවාදා සිට අවම වශයෙන් සති දෙකහමාරක කාලයක් දෙවැනි ජාතික ලොක්ඩවුන් වීමකට (අගුලු දැමීමකට) සූදානම් වෙයි.
නව ආසාදන ඇතිවන පොකුරු පසුපස ගොස් ඒවා හඳුනාගැනීමට රජය අපොහොසත් වී ඇති බව පිළිගනිමින්, මෙම පියවර කඩිනමින් ගන්නා බව ඔස්ට්‍රියාවේ චාන්සලර් සෙබස්තියන් කුර්ස් ඊයේ වියානාහි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
"සත්‍යය නම් බලධාරීන්ට දැන් නව ආසාදනවලින් 77%ක් සොයා ගැනීමට නොහැකි වීමයි. එයින් අදහස් කරන්නේ මෙම ආසාදන සිදුවන්නේ කොහේදැයි බලධාරීන් තවදුරටත් නොදන්නා බවයි." සිය රජය මෙම කර්තව්‍යයේදී අපොහොසත් වූ බව වගකිව යුතු නායකයෙකු ලෙස පිළිගෙන චාන්සලර්වරයා මෙසේ කියා සිටියේය.
නව ක්‍රියාමාර්ග යටතේ, අත්‍යවශ්‍ය නොවන සියලුම සේවා වැසෙනු ඇත. පාසල් වැසෙනු ඇත. පාසල් අධ්‍යාපනය මාර්ගගතව සිදුවනු ඇත. නිශ්චිත හේතුවක් මත මිස නිවාස අතහැර නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, අගුලු දැමීම දෙසැම්බර් 6 දක්වා ක්‍රියාත්මක වේ.
"ඔස්ට්‍රියාවේ දැනට අප සාමාන්‍යයෙන් දිනකට 7,000කට වඩා ආසාදන අනුපාතයක් පවතිනවා. බොහෝ ෆෙඩරල් ප්‍රාන්තවල මෙම සංඛ්‍යා ඝාතීය ලෙස වැඩි වෙමින් පවතිනවා." කුර්ස් පැවසීය.