ඔස්ට්‍රියාවේ, ස්වේට්ල් දිස්ත්‍රික් සායනයකදී කොවිඩ්-19 මර්දන එන්නත ලැබීමෙන් පසුව එක් පුද්ගලයෙකු මියගොස්, තවත් අයෙකු රෝගී වීමත් සමග ඔස්ට්‍රියාව පූර්වාරක්ෂක පියවරක් ලෙස ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත විදීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
කෙසේ වෙතත් අදාළ රෝගියාගේ තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුකෙරෙන බවත්, මෙම එන්නත හා අදාළ මරණයට හේතුකාරක සම්බන්ධතාවක් ඇති බවට දැනට කිසිදු සාක්ෂියක් නොමැති බවත් එරට සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳ ෆෙඩරල් කාර්යාලය පවසයි.