කින්නියා මුහුදු ප්රදේශයේ දී ඔරුවක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.
අද (08දා) උදෑසන පුද්ගලයින් පස් දෙනෙකු රැගත් ඔරුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර මෙසේ ගමන් කළ දෙදෙනෙකු ප්රෙදේශවාසීන් විසින් බේරාගෙන තිබේ.
අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනා සොයා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබේ.