මාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යාපනය කටයුතුවල නිරතවීමට නොහැකි සිසු දරුවන්හට පාසල් වෙත ගෙන්වා ඉගැන්වීමේ කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපනය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
අද (5) දිනයේ මෙම ක්‍රමය ආරම්භ කළ අතර ගම්පහ අධ්‍යාපන කලාපයේ පාසල් 86 ක මෙය ක්‍රියාත්මක කළ බව කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්.කේ. මල්ලවආරච්චි මහතා පැවසීය
කොරෝනා රෝග තත්ත්වය මත මාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යාපන ලබාදීමේදී නිවාසවල පහසුකම් නොමැති සහ සංඥා නොමැති ප්‍රදේශයන්හි සිසු දරුවන් හදුනා ගෙන පන්තියකට සිසු සිසුවියන් 5 - 15 අතර සංඛ්‍යාවක් සහභාගික රවා ගනිමින් වැඩපිළිවෙල සිදු කෙරෙන බවද අධ්යක්ෂවරයා සදහන් කළේය.
මෙම ක්‍රමවේදය ඉතා සාර්ථක බවත් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුව සියලු කටයුතු සිදු කෙරෙන බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.
ගම්පහ ප්‍රදේශයේ පාසල්වල මෙම කටයුතු සිදු කෙරෙන ආකාරය කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වෛද්‍යවරුන් විසින් පාසල් වෙත යමින් නිරීක්ෂණය කළ ආකාරයක් දක්නට ලැබිණි.
ගම්පහ - තිලකරත්න දිසානායක